Sri Lankan Nursing

Sri Lankan Nursing Saving lives & rolling eyes since forever

මා සිටි ගිනිගත් ගුවන් යානය:මමයි කුමාරියි (wife) කොළඹ සිට සිඩ්නි එන Aircraft එක, (SriLankan Airlines - UL 606 - වර්ගය Air...
16/06/2026

මා සිටි ගිනිගත් ගුවන් යානය:
මමයි කුමාරියි (wife) කොළඹ සිට සිඩ්නි එන Aircraft එක, (SriLankan Airlines - UL 606 - වර්ගය Airbus A330) ජූනි 12 වෙනිදා පාන්දර 12 පහුවෙලා takeoff කරා.
පුදුම සැරට වහිනවා.
විනාඩි 40 ක්‌ විතර අපි උඩු ගුවනේ ඕස්ට්‍රේලියා පැත්තට යනවා. මේ Direct flight එකේ මුළු ගමන පැය 10ක්‌ පමණ.
මේ වෙනකොට මං හිතන්නෙ අපි ලංකාවේ ගොඩබිම් සීමාවත් පහුකරලා මුහුදට උඩින් යන්නේ.
අපි දෙන්නටම පොඩ් නින්දක් ගිහින් තිබුනේ.
එතකොට එක පාරටම ඩෝං ගාලා විශාල ශබ්දයක් සමඟ ප්ලේන් එක ගැස්සුනා.
කුමාරි හිටියේ ජනේලේ ළඟ. මම ජනේලෙන් එලිය බලනකොට දැක්කා ප්ලේන් එකේ වම් පැත්තේ එන්ජින් එක ගිනි අරන් ගින්දර එනවා.
මට ක්ෂණිකව තේරුනා අපි දෙන්නට තව විනාඩි කීපයක් විතරයි ජිවත් වෙන්ට තියෙන්නේ කියලා.
මේ ගුවන් යානා වල එන්ජින් දෙකයි තියෙන්නේ. ඒ දෙක සවිකරලා තියෙන්නේ තටු දෙකට යටින්. ගුවන් යානා වල තටු වල තමයි පෙට්‍රල් පුරවලා තියෙන්නේ. ඉතින් ඒ විශාල "පෙට්‍රල් ටැංකි" (තටු වලට) යටින් තියෙන එන්ජිම ගිනිගන්නවා කියන්නේ කොයි මොහොතේ හෝ ප්ලේන් එක ගිනි බෝලයක් වගේ පුපුරන්ට පුළුවන් බව මට හැඟුනා.
ඒත් කුමාරිට තේරුමක් නෑ මේ ගැන. එයා මගෙන් ඇහුවා "කොහෙන්ද ඒ ගින්දර එන්නේ?" කියලා. මම එයා බයවෙයි කියලා "Don't worry Ammi, it is OK" කියලා තව ටිකක් එයාව මං ලඟට කිට්ටු කරගෙන හෙමින් ඔලුව අත ගෑවා... එයා නිදි.
එහෙනම් ඉතින් අපි දෙන්නටත් අන්තිම මොහොත ආවා නේද කියලා මට හිතුනා.
මම කලබල නැතිව හෙමින් බුදු දහම මෙනෙහි කරමින් හිටියා.
කුමාරිට ගානක් නෑ. එයා තාමත් මට හේත්තු වෙලා නිදාගෙන ඉන්නවා.
මම මොන මොහොතේ හෝ "බිග්-බැංග්" එකක් සමඟ මේ ලෝකෙන් යන්ට ලැහැස්ති වෙලා ගිනි පිටවෙන එන්ජිම දිහා ජනේලෙන් බලන් ඉන්නවා .
මට පොඩ්ඩක්වත් බයක් හෝ දුකක් හිතුනේ නෑ දැන් මේ ලෝකේ දාලා යන්ට මට වෙලාව ආවා නේද කියලා.
ප්ලේන් එකේ එන්ජිම දිගටම ගිනි ගනිමින් ප්ලේන් එක පහලට වගේ එනවා. කුමාරි මට හේත්තු වෙලා නිදි.
මම හිටපු තැනට ගිනි පිටවෙන එන්ජිම හොඳටම පෙනෙනවා, මම උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන හිටියා මගේ වෙලාව එනකන්.
ඒත් ඔහොම විනාඩි කීපයක් ගිහින් එන්ජිමේන් එන ගින්දර නැවතුනා.
එහෙම වෙන්ට පයිලට් මොකද කරේ කියලා කියන්ට මම තවමත් දන්නේ නෑ.
ඊටපස්සේ ක්‍රමයෙන් ප්ලේන් එක පහලට යනවා වෙනුවට සාමාන්‍ය විදිහට යන්ට ගත්තා.
ඊටත් විනාඩි කීපයකට පස්සේ පයිලට් එනවුන්ස් කරලා කිව්වා ප්ලේන් එකට‍ විදුලි කොටලා එක එන්ජිමකට හානි සිද්ද උනා. ඒ නිසා අපි ආපහු කොළඹට යනවා කියලා.
දැන් ප්ලේන් එක සාමාන්‍ය විදිහට යනවා.
ඔය විදිහට පැයක් විතර අපි ආපහු ඇවිත් කොළඹ smooth ලෑන්ඩ්න් එකක් කරා.
ලෑන්ඩ් කරපු හැටියේ මුළු ප්ලේන් එකේම මිනිස්සු හය්යෙන් අත්පුඩි ගැහුවා පයිලට් සහ කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමක් ලෙස.
(මේක ලියනකොට මම සිඩ්නි වල ගෙදර ඇඳේ. කුමරිනම් තාමත් මට එහා පැත්තේ නිඳි 😊)
(උපුටාගැනීම : මෙම සිදුවීමට මුහුණ දුන් පරාක්‍රම බොකලාවෙල මහතාගේ ෆේස්බුක් පිටුවෙන්)

Shout out to my newest followers! Excited to have you onboard! Kavindu Lakshan, Dhanushka Sampath, Rohitha Creations
12/03/2026

Shout out to my newest followers! Excited to have you onboard! Kavindu Lakshan, Dhanushka Sampath, Rohitha Creations

වසර ගණනාවක් තිබූ බාධකයක් Google සමාගම බිඳ හෙලයි.අපිට Email එකක් හැදුවම පස්සේ අපිට ඒකේ Username එක ඒ කියන්නේ .com වලට ඉස්...
28/12/2025

වසර ගණනාවක් තිබූ බාධකයක් Google සමාගම බිඳ හෙලයි.

අපිට Email එකක් හැදුවම පස්සේ අපිට ඒකේ Username එක ඒ කියන්නේ .com වලට ඉස්සරහින් තියෙන නම වෙනස් කරන්න බැරි වුණානේ. ඔන්න දැන් ඒ කරදරය ඉවරයි.

Google සමාගම හඳුන්වා දුන්න මේ අළුත්ම Feature එකෙන් අපිට පුළුවන් අපේ Username එක වෙනස් කරගන්න.

මේ Username එක වෙනස් කරා කියල අපේ Google drive, Data, Photos වගේ කිසිම දෙයක් නැති වෙන්නෙ නෑ.

අපි වෙනස් කරන Username එක Apply වෙන අතරේ පරණ තිබුණ එකට අළුත් Username එක Link වෙන එක විතරයි වෙන්නේ.

මේකේ Username එක හැබැයි හැමතිස්සෙම මාරු කරන්න නම් බෑ. එකපාරක් වෙනස් කරාට පස්සේ ආයි වෙනස් කරන්න පුළුවන් අවුරුද්දක් ගියාම. ඒ වගේම උපරිම තුන්පාරක් විතරයි වෙනස් කරන්න පුළුවන්.

මේක දැන් Gradually Rollout වීම ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට ඉන්දියාවේ මේක ආරම්භ වෙලා තියෙනවා.

ඔයාටත් මේ Feature එක ඇවිල්ලද බලන්න නම් Email එකේ Personal Info > Email Section එකේ බලන්න.

©Lakshan Weerasinghe

05/12/2025

සෞඛ්‍ය කාර්‍ය්මන්ඩලයට නැවතත් සාමාන්‍ය පරිදි නිවාඩු ලබාගතහැක. චක්‍රලේඛනය පලමු කමෙන්ටුවේ (05/12)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share