Europe Up Close with Lasith

Como chegar Website Contactar o negócio

Europe Up Close with Lasith Europe: A continent of endless possibilities. 🇪🇺🇪🇺

OCT 23  වන සිකුරාදා සිට ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැකියි...TICKETS WILL BE RELEASED ON THE 23RD 𝐎𝐅 𝐎𝐂𝐓𝐎𝐁𝐄𝐑 😍50 DAYS MORE ...
21/10/2026

OCT 23 වන සිකුරාදා සිට ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැකියි...
TICKETS WILL BE RELEASED ON THE 23RD 𝐎𝐅 𝐎𝐂𝐓𝐎𝐁𝐄𝐑 😍
50 DAYS MORE ❄️

2000–2024 කාලය තුළ වැඩිම සංක්‍රමණික ජනගහන වර්ධනයක් වාර්තා කළ යුරෝපීය රටවල් 20 🇪🇺Europe Up Close with Lasith
20/10/2026

2000–2024 කාලය තුළ වැඩිම සංක්‍රමණික ජනගහන වර්ධනයක් වාර්තා කළ යුරෝපීය රටවල් 20 🇪🇺

Europe Up Close with Lasith

ජීවන බර වැඩිවෙන එක ආයෙත් අහන්නත් දෙයක්ද ඉතිං මෙහෙම වෙද්දී 🙄
20/10/2026

ජීවන බර වැඩිවෙන එක ආයෙත් අහන්නත් දෙයක්ද ඉතිං මෙහෙම වෙද්දී 🙄

🇩🇪 ජර්මනියේ වසර 5ක් ජීවත් වුණාම ඡන්දය දෙන්න පුළුවන් වෙයිද? විදේශිකයන්ට අලුත් යෝජනාවක්.ජර්මනියේ බර්ලින් නගරයේ ජීවත් වන වි...
19/10/2026

🇩🇪 ජර්මනියේ වසර 5ක් ජීවත් වුණාම ඡන්දය දෙන්න පුළුවන් වෙයිද? විදේශිකයන්ට අලුත් යෝජනාවක්.

ජර්මනියේ බර්ලින් නගරයේ ජීවත් වන විදේශිකයන්ට වැදගත් විය හැකි අලුත් දේශපාලන යෝජනාවක් ගැන මේ දිනවල කතාබහක් ඇති වී තිබෙනවා.

2026 ඔක්තෝබර් 17 දින එකඟ වූ මූලික සාකච්ඡා ලේඛනයකට අනුව, බර්ලින්හි වාමාංශික පක්ෂය (Die Linke), හරිත පක්ෂය (Greens) සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) පහත යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

▪️ ජර්මනියේ වසර 5ක් පදිංචි වී සිටින පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම.

▪️සුදුසුකම් සපුරන අයට මැතිවරණ සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදීම.

▪️යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුරවැසියන් ද මෙයට ඇතුළත් කිරීම.

මෙය බර්ලින් ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණවලට අදාළව යෝජනා කර තිබෙනවා.

දැනට ජර්මන් පුරවැසියන්ට බර්ලින් ප්‍රාන්ත මැතිවරණවල ඡන්දය ලබාදිය හැකියි. අනෙකුත් EU රටවල පුරවැසියන්ට ද නියමිත කොන්දේසි යටතේ බර්ලින්හි ප්‍රාදේශීය දිස්ත්‍රික් මැතිවරණවල ඡන්දය ලබාදිය හැකියි.

නමුත් EU නොවන රටක පුරවැසියෙකුට ජර්මනියේ වසර ගණනාවක් ජීවත් වූ පමණින් දැනට මෙම ඡන්ද අයිතිය හිමිවන්නේ නැහැ.

ජර්මනියේ CDU/CSU පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජ්‍ය නායක Günter Krings පවසා ඇත්තේ, මෙම යෝජනාව ජර්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විය හැකි බවයි.

ඔහු පෙන්වා දෙන්නේ ජර්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වැනි වගන්තිය ප්‍රාදේශීය මැතිවරණ සම්බන්ධයෙන් ජර්මන් සහ EU පුරවැසියන් ගැන සඳහන් කරන බවයි. එබැවින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නීතිමය බාධා ඇතිවිය හැකියි.

🔴වැදගත්: මෙය තවමත් යෝජනාවක් පමණයි. විදේශිකයන්ට වසර 5කට පසු ඡන්ද අයිතිය ලැබෙන බවට අවසන් නීතියක් සම්මත වී නැහැ.

Source: (https://www.tagesschau.de/inland/regional/berlin/rbb-sondierungspapier-das-planen-linke-gruene-und-spd-fuer-berlin-100.html?)

Europe Up Close with Lasith

19/10/2026

🇫🇷ප්‍රංශයේ නගර කිහිපයකට අර්ධ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට අගමැති Sébastien Lecornu උපදෙස් දී තිබෙනවා.

🇪🇺යුරෝපයේ මේ වෙද්දී වෙන දේවල් දැකලත් කව්රු හරි Refugee දාන්න හිතාගෙන ඉන්නවනම් හරි, එහෙම කරන්න කියලා කව්රුහරි කියනවනම් හර...
19/10/2026

🇪🇺යුරෝපයේ මේ වෙද්දී වෙන දේවල් දැකලත් කව්රු හරි Refugee දාන්න හිතාගෙන ඉන්නවනම් හරි, එහෙම කරන්න කියලා කව්රුහරි කියනවනම් හරි, ඒ තීරණය ගන්න කලින් 100 පාරක් හිතන්න.

මේ වෙන දේවල් එක්ක refugee ගන්නවා කියන එක හීනයක් වෙයි යුරෝපයේ ඉස්සරහට. දැනටමත් යුරෝපයේ රටක නිත්‍යානුකුල විදියට ජීවත් වෙන කෙනෙක් නම්, refugee දාන්න කියලා ප්‍රංශය, ඉතාලිය වගේ මේ දේවල් වලට ජනප්‍රිය රටවල් වලට යන්න කලින් සිය දහස් වාරයක් හිතන්න.

මේ ගැන කිව්වේ කෙනෙක් එහෙම තීරණයක් ගන්න ඉන්නවනම් ඒ ගැන එයාට තව කීප පාරක් හිතන්න විතරයි . කැමති කෙනෙක් කරන්න, මොන දේ කරත් අන්තිමට ප්‍රතිපල බුක්ති විඳින්න වෙන්නෙ තමන්ට තනියම. 👍

Europe Up Close with Lasith

19/10/2026

ලබන අවුරුද්දේ 🇫🇷ප්‍රංශයේ ජනාධිපතිනියක් දකින්න ලැබෙයි වගේ බොහෝ දුරට.

ඔයාගේ මුදල් පසුම්බියේ තිබෙන €2 කාසියක් යුරෝ දහස් ගණනක් වටිනා එකක් වෙන්න පුළුවන් කියලා කලින් දැනගෙන හිටියද?අපි දිනපතා සුප...
18/10/2026

ඔයාගේ මුදල් පසුම්බියේ තිබෙන €2 කාසියක් යුරෝ දහස් ගණනක් වටිනා එකක් වෙන්න පුළුවන් කියලා කලින් දැනගෙන හිටියද?

අපි දිනපතා සුපිරි වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගන්නා විට, parking ගාස්තු ගෙවන විට හෝ ඉතිරි මුදල් ලෙස ලැබෙන €2 කාසි ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ.

නමුත් අපේ අතට ලැබෙන ඇතැම් දුර්ලභ යුරෝ කාසි, එකතුකරන්නන් අතර සාමාන්‍ය වටිනාකමට වඩා විශාල මුදලකට අලෙවි විය හැකියි.

1. €3,000කටත් වඩා වටිනා කමක් තිබිය හැකි 2 කාසියක්

මොනාකෝ රාජ්‍යය 2007 වසරේ නිකුත් කළ Grace Kelly කුමරියගේ රුව සහිත විශේෂ €2 කාසියක් ලෝකයේ ප්‍රසිද්ධම දුර්ලභ යුරෝ කාසි අතරට අයත් වෙනවා.

* නිකුත් කළ ප්‍රමාණය: කාසි 20,001ක් පමණයි.

* හඳුනාගැනීම: Grace Kelly කුමරියගේ රුව, MONACO යන නම සහ 2007 වර්ෂය.

* Euronews වාර්තාවට අනුව ඇස්තමේන්තුගත වටිනාකම: €3,100ක් පමණ.

මෙම කාසිය සාමාන්‍ය භාවිතයට නිකුත් කළ කාසියක් නොවන නිසා, එදිනෙදා මුදල් අතරින් හමුවීම ඉතා දුර්ලභයි. (මෙය සියලුම €2 කාසිවලට අදාළ වටිනාකමක් නොවේ.)

2. කාසියේ නිෂ්පාදන දෝෂයක් තිබුණොත්?

සමහර කාසි නිෂ්පාදනයේදී සිදුවන සැබෑ දෝෂ නිසා එකතුකරන්නන් අතර වටිනාකමක් ලබාගන්න පුළුවන්.

උදාහරණ කිහිපයක්:

* Fried egg error: කාසියේ මැද කොටසේ ලෝහය පිටත වළල්ලට අසාමාන්‍ය ලෙස පැතිරී තිබීම.

* Rotated die error: කාසියේ දෙපස රූප එකිනෙකට සාපේක්ෂව අසාමාන්‍ය ලෙස හැරී තිබීම.

* Wrong blank error: වැරදි ප්‍රමාණයේ හෝ වෙනත් වර්ගයක ලෝහ තහඩුවක් මත කාසිය මුද්‍රණය වී තිබීම.

එවැනි දෝෂ සහිත කාසිවල වටිනාකම දෝෂයේ ස්වභාවය, දුර්ලභත්වය සහ කාසියේ තත්ත්වය අනුව වෙනස් වෙනවා. සෑම අසාමාන්‍ය කාසියක්ම වටිනා එකක් නොවේ.

3. ග්‍රීක €2 කාසියේ කුඩා “S” අකුර දැක්කොත්.

ග්‍රීක €2 කාසිවල තරු අතර තිබෙන කුඩා “S” අකුර නිසා සමහරු ඒවා දුර්ලභ කාසි ලෙස හඳුන්වනවා.

යුරෝපයේ ජීවත් වන ඔබට කළ හැක්කේ කුමක්ද?

* ඔබට ලැබෙන €2 කාසිවල රට, වර්ෂය සහ මෝස්තරය පරීක්ෂා කරන්න.

* කාසියේ දෙපස සහ දාරයේ ඡායාරූප ගන්න.

* නිල යුරෝ කාසි ලැයිස්තුව සමඟ සසඳන්න
(https://www.ecb.europa.eu/euro/coins/comm/html/index.en.html?utm)

* වටිනාකමක් තිබිය හැකි බව පෙනේ නම් විශේෂඥ කාසි වෙළෙන්දෙකුගෙන් හෝ වෙන්දේසි ආයතනයකින් තක්සේරුවක් ලබාගන්න.

* කාසිය පිරිසිදු කරන්න හෝ ඔප දමන්න එපා. එයින් කාසියේ මුල් මතුපිටට හානි වී එකතුකරන්නන් අතර වටිනාකම අඩු විය හැකියි.

🔴වැදගත්: අන්තර්ජාලයේ දැක්වෙන මිල ගණන් බොහෝ විට ඇස්තමේන්තු පමණයි. කාසියක් එම මිලට සැබෑවටම අලෙවි වන බවට සහතිකයක් නැහැ.

(Source : Euro news )

Europe Up Close with Lasith

🇪🇺 ජර්මනියේ ස්වේච්ඡාවෙන් ආපසු යන සංක්‍රමණිකයන්ට ලබාදෙන EU ආධාර වැඩසටහනක මුදල් අවසන්!ජර්මනියේ ප්‍රතික්ෂේප වූ සරණාගත අයදුම...
18/10/2026

🇪🇺 ජර්මනියේ ස්වේච්ඡාවෙන් ආපසු යන සංක්‍රමණිකයන්ට ලබාදෙන EU ආධාර වැඩසටහනක මුදල් අවසන්!

ජර්මනියේ ප්‍රතික්ෂේප වූ සරණාගත අයදුම්කරුවන් ඇතුළු රටින් පිටවීමට නියමිත පුද්ගලයන්ට තම මව් රටට ආපසු යාමේදී සහාය ලබාදෙන ප්‍රධාන යුරෝපා වැඩසටහනක 2026 වසර සඳහා වෙන් කළ මුදල් අවසන් වී තිබෙනවා.

European Reintegration Programme (EURP) වැඩසටහනේ නව අයදුම්පත් භාරගැනීම 2026 ඔක්තෝබර් 2 සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ බව ජර්මනියේ WDR සහ NDR මාධ්‍ය වාර්තා කළ අතර Frontex ආයතනයත් තහවුරු කර තිබෙනවා.

2025දී ජර්මනියේ පුද්ගලයන් 9,708 දෙනෙකුට EURP වැඩසටහන හරහා සහාය ලැබී තිබෙනවා.

එම වසරේදී 36,000කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් ජර්මනියෙන් ආපසු ගොස් තිබෙන අතර, 23,000කට ආසන්න පිරිසක් පිටුවහල් කර තිබෙනවා.

මෙම වැඩසටහන හරහා පුද්ගලයන්ට තම මව් රටට ගිය පසු තාවකාලික නවාතැන්, සෞඛ්‍ය සහාය සහ නැවත ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය උපකාර ලබාගත හැකියි. ඇතැම් අවස්ථාවල මෙම සහායේ වටිනාකම යුරෝ 3,000 ඉක්මවනවා

North Rhine-Westphalia සහ Lower Saxony ඇතුළු ප්‍රාන්තවල මෙම වැඩසටහන හරහා විශාල පිරිසකට සහාය ලබාදී තිබෙනවා. අරමුදල් අත්හිටුවීම නිසා සැලසුම් කර තිබූ ඇතැම් ස්වේච්ඡා ආපසු යාම් නතර කිරීමටත් සිදුවී ඇති බව වාර්තා වෙනවා.

Europe Up Close with Lasith

Endereço

Odemira

Notificações

Seja o primeiro a saber: enviamos-lhe um e-mail quando Europe Up Close with Lasith publicar novidades e promoções. O seu endereço de e-mail não será utilizado para nenhum outro fim e pode cancelar a subscrição a qualquer momento.

Contactar O Negócio

Envie uma mensagem para Europe Up Close with Lasith:

Atalhos

Partilhar