05/09/2026
🇪🇺 යුරෝපයේ සංක්‍රමණික ප්‍රතිපත්තිය තවත් දැඩි වෙයි. 2027 සිට නව “Return Hubs” සැලසුමක්
යුරෝපයේ සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැදගත් නව තීරණයක් ඊයේ, සැප්තැම්බර් 4, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවති සාකච්ඡාවකදී ප්‍රකාශයට පත් වුණා.
🇩🇰 ඩෙන්මාර්කය,🇩🇪 ජර්මනිය,🇳🇱 නෙදර්ලන්තය,🇦🇹 ඔස්ට්‍රියාව,🇬🇷 ග්‍රීසිය
යන රටවල් පහ EU සීමාවෙන් පිටත “Return Hubs” පිහිටුවීම සඳහා පොදු ආකෘතියක් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවකට පැමිණ තිබෙනවා.
මෙහිදී අසයිලම් ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති සහ EU රටක නීත්‍යානුකූලව රැඳී සිටීමට අයිතියක් නොමැති පුද්ගලයන් EU වලින් පිටත හවුල්කාර රටක පිහිටුවන මධ්‍යස්ථානයකට යොමු කෙරෙනවා.
විශේෂයෙන්, තම මව් රටට වහාම ආපසු යැවීම ප්‍රායෝගිකව අපහසු පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම ක්‍රමය භාවිත කිරීමට යෝජනා කර තිබෙනවා.
මෙම මධ්‍යස්ථාන සඳහා තවමත් නිල වශයෙන් කිසිදු රටක් නම් කරලා නැහැ.කෙසේ වෙතත් අප්‍රිකානු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වෙන අතර රුවන්ඩාව 🇷🇼 සහ උගන්ඩා 🇺🇬 වැනි රටවල් මේ සඳහා හැකියාව ඇති රටවල් ලෙස වාර්තා වී තිබෙනවා.
මේක දැනටමත් ක්‍රියාත්මක වූ නීතියක් නොවන අතර , ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සැලසුමක් වේ.
රටවල් පහේ අරමුණ වන්නේ 2026 අවසන් වන විට හවුල්කාර රටක් සමඟ ගිවිසුමකට පැමිණීම සහ 2027 අවසන් වන විට පළමු පුද්ගලයන් එවැනි මධ්‍යස්ථාන වෙත යැවීමට සූදානම් වීමයි.
Europe Up Close with Lasith