Law of Attraction

Law of Attraction “Create the highest, grandest vision possible for your life, because you become what you believe"

05/07/2023

මේ දවස්වල මගෙන් අහන ලොකුම ප්‍රශ්නය !

" කොහොමද අපි අපිට ආදරය කරන්නේ ? "
" මොකක්ද Self Love කියන්නේ ? "

ඉතින් අද ඒ ප්‍රශ්නෙට මං ඔයාට උත්තර ගේනවා..
මං මේක කරන විදිය ඔයාට ගොඩක් සරල පියවර වලින් කියා දෙන්නම්. කලිනුත් මම මේක ගැන ගොඩක් ලියලා තියනවා ඒත් ආයෙත් මං ඔයාට කියාදෙන්නම්.

ඔයා ඔයාට ආදරය කරන්නේ කොහොමද ? මෙන්න මෙහෙම හිතන්න. ඔයාගෙම කියලා දෙයක් ඔයාලට තියනකොට ඔයා ඒක පරිස්සම් කරනවා නේද ? අන්න ඒ වගේ තමයි මේකත් කරන්නේ....

1. ඔයාගේ රූපයට අවධානය දෙන්න .

* සතියකට සැරයක් හෝ ඔයාගේ සම ගැන හිතලා ඒ වෙනුවෙන් සත්කාරයක් කරන්න.
* ඔයාගේ රූපයට ආදරය කරන්න.
* ඔයාගේ රූපය තවත් ලස්සන කරගන්න කලින් ඔය තියෙන රූපය පිළිගන්න.
* ඔයාගේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න.
උදා :-
පෝෂණීය ආහාර වේලක් , විටමින්, පලතුරු, උදෑසන හිරු එළිය

* ඇති තරම් ජලය පානය කරන්න
* ව්‍යායාම කරන්න. ජිම් යන්න බැරි උනාට කමක් නැහැ ගෙදරදි සරල ව්‍යායාමයක් කරන්න.
* ඔයාගේ රූපය වෙනුවෙන් සල්ලි වියදම් කරන්න ඔයාට දැනට ලොකු හැකියාවක් නැති වුණාට කමක් නෑ ගෙදර තියෙන දේවල්වලින් පුංචි පුංචි දේවල් කරන්න.
උදා :- සොබාවික ෆේස් පැක්
* අධික හිරු එළියට නිරාවරණය වෙද්දි ඒ ගැන හිතන්න. ඒ වෙනුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අරගෙන ඔයා ඔයාව පරිස්සම් කරන්න.

* දුම්බීම ,මත්ද්‍රව්‍ය හා අධික මත්පැන් වලින් ඈත් වෙන්න.

* ශරීරයේ බර වැඩි නම් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අරගෙන ඒක පාලනය කරන්න.

* ඔයාගේ කොණ්ඩය පිරිසිදු කරගෙන අවශ්‍ය තෙල් සත්කාර කරන්න.
* පිරිසුදුව ඉන්න.
* ඔයාගේ දත් කලට වෙලාවට මැදලා දත් ටික ලස්සනට තියාගන්න.
* ඔයාගෙන් හමන සුවඳ ගැන හිතන්න ඒ වෙනුවෙන් ඔයාට පර්ෆියුම් හෝ ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
* ගැලපෙන ඇඳුම් විලාසිතා අඳින්න
* ඔයාට ගැළපෙන විලාසිතා පමණක් අනුගමනය කරන්න.
*නියපොතු ගැන හිතන්න. නියපොතු වලට ඔයාට වියදම් කරන්න සල්ලි නැත්නම් ගෙදරදිම ඒවා පිරිසිදු කරල ලස්සනට තියාගන්න.

2. ඔයාගේ මානසික සාමයට / මානසික නිදහසට අවධානය දෙන්න.

* ඔයාගේ මානසික නිදහසට කරදර කරන කට්ටියව ඈත් කරන්න.
ඒ කියන්නේ ඔයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් ඔයාගේ ජීවිතේට බොරුවට ආදරේ ආදරෙයි කියාගෙන ඔයාගේ මානසික නිදහස නැති කරන, නැති ප්‍රශ්නත් ඔයාට අරන් එන මිනිස්සුන්ව ඈත් කරන්න.

උදා :-

ඔයා ආදරේ කරන කෙනා ඔයා ඉන්නකොට වෙන අයත් එක්ක සම්බන්ධකම් තියාගන්නවා. ඔයා එයාට එපා කිය කිය සමාව දිදි එයත් එක්කම ඉන්නවා. ඒත් එයා හැම සැරේම ඒ වරද්ද කරන නිසා ඔයාගේ මානසික තත්ත්වය එයා නිසාම පහළට වැටෙනවා. ඉතින් ඒ වගේ තැනකදි ඔයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් ඔතනින් ඈත් වෙන්න.

* ඔයාගේ මානසිකත්වයට හානි දෙන හෝ ඔයාගේ ජීවිතයට හානි වෙන කිසිම තීරණයක් ගන්න එපා.

* ඔයාගේ මානසික නිදහසට හානි වෙන ස්ථානවලින් පුලුවන් තරම් ඈත් වෙන්න.

උදා :- ඔයාගෙ රැකියා ස්ථානය ඔයාගේ මානසික නිදහසට ලොකු බාධාවක් නම් ,
ඔයාට වෙනත් රැකියාවකට ලේසියෙන් යන්න පුළුවන් නම් එතනින් ඈත් වෙන්න නැත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ගයක් ගන්න.

* ඔයාගේ මනස සන්සුන් කරන භාවනාවෙ යෙදෙන්න , ඔයාව සන්සුන් කරන සංගීතයන්ට සවන් දෙන්න.

* ඔයා දකින අහන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
- සමාජ මාධ්‍ය වල ඔයා දකින්නේ සෘණාත්මක දේවල් නම් ඒවා ඔයාගේ පාලනය යටතේ තියෙන නිසා ඒවා unfollow කරන්න.
- කවුරු හරි කෙනෙක් හැමතිස්සෙම ඔයාට සෘණාත්මක දේවල් විතරක් කියනවා නම් එයාව ඔයාගේ ටිකක් ඈත් කරන්න.

* එක දිගට වැඩ කරලා ඔයාගේ මානසික සෞඛ්‍ය ගොඩක් පීඩනයට ලක්වෙලා නම් විවේකයක් ගන්න අමතක නොකර. ඒ විවේකය ගන්නෙ ඔයා ඔයාට ගොඩක් ආදරේ නිසා.

* කොයි තරම් රාජකාරි තිබ්බත් ඔයාගේ මානසික නිදහස ගැන ඉස්සෙල්ලම හිතන්න. ඔයා අමාරු කාලයක් නම් පහු කරමින් ඉන්න පුළුවන් තරම් ඔයා කරන වැඩ වලින් ටිකක් නිදහස් වෙලා විවේකයෙන් ඉන්න.

* ඔයා ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන්න කොච්චර වැඩ තිබ්බත්. ඔයා ඔයා ආස දේවල් කරන්න. ඒ ආස දේවල් කියලා කියන්නේ ඔයාගේ සෞඛ්‍යයට හෝ කාටවත් හානි නොවෙන දේවල්.
උදාහරණයක් විදිහට ඔයාට පුලුවන් ඔයා අහස තැනකට තනියම ගිහින් එන්න අපි ඒකට කියනවා සෝලෝ ඩේට් එකක් කියලා.

* ඔයාගේ මානසික නිදහස රැඳෙන දේවල් පමණක් අනුගමනය කරන්න.

3. ඔයා ඔයාට ආදරය කරන්න.

* ඔයා ප්‍රේම සම්බන්ධතාවයක ඉන්නවා නම් අනිත් කෙනාට ආදරය කරන්න කලින් ඔයා ඔයාට ආදරය කරන්න අනිවාර්යෙන්.

* ඔයා ඔයාට ඇත්තටම ආදරය කරන තරමට තමයි ඔයාට අනිත් දේවල් ලැබෙන්නේ කියලා ඔයාට කල් යනකොට තේරෙනවා. ඒ නිසා ඉස්සෙල්ලම ඔයා ඔයාට අවධානය දෙන්න ඔයා ඔයාට ආදරය කරන්න.

* කවුරුත් නිසා ඔයාව පහත් මට්ටමකට අරන් එන්න එපා. කවුරුත් ඉස්සරහ යාචකයෙක් බවට ඔයාව පත්වෙන්න ඉඩ දෙන්න එපා.

* ඔයාට අවධානය හෝ ආදරය නොදැන තැනක රැඳෙන්න එපා . හැමතිස්සෙම අමතක කරන්න එපා ඔයාගේ වටිනාකම අසීමිතයි .

* ඔයාගේ ජීවිතේ ඉහළටම අරගෙන යන්න වැඩ කරන්න. ඔයා ඔයා වෙනුවෙන් ආයෝජනය කරන්න.

4. ඔයා ගැන අඩුවෙන් තක්සේරු කරන්න එපා.

* මට බැරි වෙයිද, ඒ වගේ දෙයක් මට සුදුසු නැති වෙයි, මට ඒ තරම් දෙයක් හොඳ වැඩි වෙයි, මෙන්න මෙහෙම ඔයා ඔයාව අඩුවෙන් තක්සේරු කරන්න එපා !

මොකද

ඔයාට මේ ලෝකෙ හොඳම දේවල් පවා ලබන්න සුදුසුයි !!!

ඉතිං ඔයා ඔයාට ආදරය කරනවා කියලා කියන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න වලින් සියයට අනූ නවයක්ම විසඳෙනවා කියන එකයි.....
තමන්ට තමන් ආදරය කරනවා කියන්නේ ආත්මාර්ථකාමී වීම නෙමෙයි !
ඇයි දන්නවද
අපි අපිට ආදරය කරන කොට ඉබේම අපෙන් අනිත් අයට හානියක් නොවෙන තැනට අපිට තීරණ ගන්න පුළුවන්.
ඒත් ආත්මාර්ථකාමී වෙනවා කියන්නේ අනිත් අයට හානි කරලා අපි වෙනුවෙන් විතරක් හොඳ කරන එක....
ඉතින් ඔයා ඔයාගෙ ජීවිතේ ඔයාට ගොඩක් ආදරෙන් හුස්ම ගන්න !
එතකොට ගොඩක් දේවල් ලස්සනට ගොඩනැගෙනවා 🌼

කෙටියෙන්ම කිව්වොත් ,
ඔයා එයාට පණ දාගෙන ආදරය කළා නේද ?
ඒ ආදරය ඔයා ඔයා වෙනුවෙන් කරන්න පටන් ගන්න ! ඒ කියන්නේ ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්නෙ එයාලට ඒ දවස්වල කරා වගේ.. විශ්වාස කරන්න ඔයා ඔයාට ආදරේ කරාට ඔයාට කවදාවත් පසුතැවීමක් වෙන්නේ නැහැ..🌼

- Gumiho's Diary -

https://www.youtube.com/watch?v=gGTg_0VNojQ"Freedom is my basic need"
05/07/2023

https://www.youtube.com/watch?v=gGTg_0VNojQ
"Freedom is my basic need"

In Japan, the average household had four members in the 1980s. As of 2020, 38% are single-member households. But the pace of households shrinking to just one...

05/07/2023
05/07/2023
05/07/2023

Address

New York, NY

Alerts

Be the first to know and let us send you an email when Law of Attraction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Law of Attraction:

Share