23/02/2023
රුමේනියාවට ඇවිත් වැඩ කරන හයවෙනි දවස.
මං ආවෙ electrician.
කලින් දවස් පහෙම කරෙ බිත්ති කඩන වගෙ වැඩ. ඒවා ඉතිම් electrician අදාලා දෙවල් හින්දා පොස්ට් දාන්න ගියෙ නැ. මං මේක ෆේක් එකකින් දාන්නෙ ගෙදර අය දකියි කියලා හිතලා.
මේ කපන වල අඩි හයක් ගැඹුරට කපන්න ඕන ටොයිලට් බට වගයක් දාන්න.
මෙතන හොදම සීන් එක #සවලෙන් තමා මේ පොඩි ඉඩේ අඩි 06 ම හාරන්න ඕන. මෙහෙ යකඩ ඉන්නක්, උදැල්ලක් මං තාම දැක්කෙ නැ. සවලෙන් හාරන්න ඇත්තටම අමාරුයි.
මේ හැමදේම ඔයා වැටෙන කම්පැනි එක අනුව වෙනස් වෙයි.
ඒක ඉතිම් ඔයාගෙ ලක් එක තමා.
ඕන දේකට හිත හදාගෙන එන්න. ලෝන් ග. හලා ණය වෙලා මෙහෙට ආවට පස්සෙ ආයෙ හැරෙන්න බෑ නෙ. සුර සැප හොයන් එන්නෙපා බන්. මං එනවට තරහට නෙවෙයි කියන්නෙ. හෙට තියනවා මට තව වල්වල් 11 හාරන්න . Good luck boys and girls. 💔🥺😭😭
Coppied 🥺💔