23/08/2026
මම ගෙවන ජීවිතය ගැන මං තෘප්තිමත්ද කියලා මගෙ උත්තරේ ඔව්..මට ආයෙ ආයෙ තෝරගන්න වුනත් මම මේ විදියම තෝරගන්නවා..ඉගෙන ගෙන ජොබ් වලට ගියාට පස්සෙ ඒ කලබල රටාව මට හරි යන් නෑ කියලා මම තේරුම් ගත්ත එක තමයි මම ජීවිතේ ගත්තු හොඳම තීරණය..
හැබැයි කවුරුහරි මගෙන් ඇහුවොත් මේ ඉන්න විදියද හරිම විදිය කියලා මගෙ උත්තරේ තමයි නෑ කියලා..
ඒකට හේතු දෙකක් තියෙනවා..
පළවෙනි දේ තමයි අපි හැමෝම ජීවත් වෙන්න හීන දකින විදියක් තියෙනවා..කෙනෙක් කැමති රැකියාවෙන් ඉහළට ඉහළට ගිහින් ඒ විදියට සාර්ථක වෙන්න..ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් මහන්සි වෙලා ඉගෙන ගන්න නංගිලා මල්ලිලා ඉන්නවා..ඉතින් ඒ හැමෝටම මට කියන්න ඕනි slowliving කියන්නෙ සල්ලි නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..ඔයා වැඩියෙන්ම ආස දේ කරන්න..
Slowliving කියන්නෙ ලංකාව වගේ රටක ඇත්තෙන්ම මිල අධික විදියක්..ඉතිම් ඔයා ඉගෙන ගෙන ඔයා ආස විදියෙ ජීවිතයක් ගෙවන්න තරමට සල්ලි හොයන්න ඕනි කියන දේ ඔයා දැනටමත් දන්නවා ඇති කියලා මම අවංකවම හිතනවා..මගෙන් කවදාවත් නරක ආදර්ශයක් ගන්න එපා මම මේ ඔයාලා එක්ක බෙදාගන්නෙ මහන්සි නොවී ජීවත් වෙන විදියක් කියලා..
දෙවෙනි දේ තමයි මේක ලොකු පීඩනයක්..ගෙදරට වෙලා බිස්නස් කරත් ශොප් එකකට වෙලා කරත් බිස්නස් කරන එක ලොකු පීඩනයක්..මම ගොඩක් මහන්සි වෙනවා..හැමදාම පාන්දර 3 ඉඳන් මම පොත් ලියනවා..මගේ පොත් තුනක් එන්න තියෙනවා..මම තාමත් ඉගෙන ගන්නවා..skils හදාගන්නවා..මට වෙනම මගෙ හීන තියෙනවා..බබාගෙ වැඩයි බිස්නස් එකේ වැඩයි..අපේ පර්සනල් වැඩයි කරන්න මම හස්බන්ඩ් එක්ක පුදුම තරමට මහන්සි වෙනවා..බිස්නස් එකේ ප්‍රශ්න මැනේජ් කරගන්න ගමන් මේ හැමදේම කරද්දි රෑ වෙද්දි නිකම් උණ වගේ සමහර දවස් වලට..හැබැයි ඒ හැමදේටම මම ආදරෙයි..කවදාවත් එපාවෙලා කියලා හිතන් නැහැ..මේ පීඩනය මැනේජ් කරගෙන වෙලාව මැනේජ් කරගෙන දිගටම යන්න මගේ මනස පුරුදු කරන එකයි මම කරන්නෙ..
මට ඔයාට කියන්න ඕනි වුනේ මේකයි..අපිට හැමදේටම ගෙවන්න මිලක් තියෙනවා..ඒ මිල ගෙවෙන්න ඔයා මාරම කැපකිරීමක් කරන්න වෙනවා..
Content වලින් පෙන්නන ලස්සනට එහායින් මේ හැමදේටම පුදුමාකාර මහන්සියක් වෙනවා..කවදාවත් මේ දේවල් දැකලා හිතන්න එපා ඒවා නිකම්ම ලැබුණු ලේසි දේවල් කියලා..මම විතරක් නෙවෙයි සෝෂල් මීඩියා වල දකින ගොඩක් ජීවිත එහෙමයි..
නංඟියේ මල්ලියේ හොඳට ඉගෙන ගන්න..හොඳට සල්ලි හොයන්න..එතකොට ඔයා කැමති ජීවිතේ ආස දේවල් වට කරගෙන ගෙවන්න පුළුවන්..
ඔයාට ජය..🫶💞🌷💌
Lavenciye + Ka Ya