ICLM-International Center for Leadership and Management

ICLM-International Center for Leadership and Management Training, Education and Coaching Institute Focusing on Soft Skills Development

"The only approval you need is your own."ඔයා දවසම කාගේ හරි අනුමැතියක් එනකම් බලන් ඉන්නවද?Like එකක්, "හොඳයි" කියන වචනයක්, ...
02/09/2026

"The only approval you need is your own."

ඔයා දවසම කාගේ හරි අනුමැතියක් එනකම් බලන් ඉන්නවද?
Like එකක්, "හොඳයි" කියන වචනයක්, හිස වනන එකක්...

Amanda Gorman අපිට මතක් කරලා දෙනවා වැදගත්ම කැඩපත ඔයා ඉස්සරහ තියෙන්නේ කියලා.
ඔයා ගන්න තීරණ වලට, ඔයා දුවන හීන වලට, ඔයා ජීවත් වෙන විදියට ඔයාම ආඩම්බර නම් ඒ ඇති.

ලෝකෙ ඔයාට clap කරනකම් බලන් ඉන්න එපා. ඔයාම ඔයාට clap කරන්න පටන් ගන්න.
ඒ දවසට තමයි ඔයා ඇත්තටම නිදහස් වෙන්නේ. 🌅

Leadership පටන් ගන්නේ Self-Leadership එකෙන්.

"ඔයාගේ ජීවිතේ ලොකුම කාලයක් ගතවෙන්නේ වැඩ කරලා. ඒ නිසා ඇත්තටම තෘප්තිමත් වෙන්න නම්, ඔයා විශ්වාස කරන උසස්ම වැඩේ කරන්න ඕන. ඒ ...
31/08/2026

"ඔයාගේ ජීවිතේ ලොකුම කාලයක් ගතවෙන්නේ වැඩ කරලා. ඒ නිසා ඇත්තටම තෘප්තිමත් වෙන්න නම්, ඔයා විශ්වාස කරන උසස්ම වැඩේ කරන්න ඕන. ඒ වගේ උසස් වැඩක් කරන්න නම්, ඔයා කරන දේට ආදරේ කරන්නම ඕන." - Steve Jobs

Steve Jobs කියන්නේ ඒක කටින් විතරක් කියපු කෙනෙක් නෙමෙයි. ජීවිතෙන්ම ඔප්පු කරපු කෙනෙක්.

Jobs කියනවා වගේ, හදවතට දැනෙන දේවල් වලදි "මෙන්න මේක තමයි" කියලා ඔයාටම තේරෙනවා. එදාට වැඩ කියන්නේ වැඩක් නෙමෙයි. ඒක ආදරයක්. Passion එකක්.

ඔයාගේ ජීවිතේන් 1/3ක් ඔයා Office එකේ, වැඩ කරන තැන ගෙවනවා. ඒ කාලය ඔයාට වෛර කරන දෙයක් කරලා නාස්ති කරන්න එපා.

ඔයා ආදරේ කරන දේ හොයන්න. හම්බෙනකන් දුවන්න. හම්බුනාම ඒක ලෝකෙටම පෙන්නන්න.

Don't Settle. Keep Looking. Stay Hungry, Stay Foolish. 🚀

හෙට දිනන එක රඳා පවතින්නේ අද කරන මහන්සිය මතයි. START NOW! 💪"හොඳ Job එකක් හෙට හොයාගන්නම්"  "Business එක හෙට පටන් ගන්නම්"  ...
29/08/2026

හෙට දිනන එක රඳා පවතින්නේ අද කරන මහන්සිය මතයි.
START NOW! 💪

"හොඳ Job එකක් හෙට හොයාගන්නම්"
"Business එක හෙට පටන් ගන්නම්"
"Skills ටික හෙට ඉගෙන ගන්නම්"

මේ "හෙට" කියන එක අපේ වයසේ ලොකුම හතුරා.
School / Uni ඉවර වෙලා අවුරුදු ගාණක් ගියා.
CV එක තාම හිස්.
Bank balance එක තාම zero. හීන තාම හීනමයි.

ඇයි දන්නවද? අපි හැමදාම "හෙට ඉඳන්" කියලා කල් දැම්මා.

මතක තියාගන්න - හෙට ඔයා CEO කෙනෙක් වෙන්න හීන දකිනවා නම්, අද එක Email එකක් හරි යවන්න ඕන. හෙට Business එකක් ගැන හිතනවා නම්, අද Plan එකේ පළවෙනි පේළිය හරි ලියන්න ඕන.

වයස 25, 30 පැන්නා කියලා පරක්කු නෑ. හැබැයි අද පටන් ගත්තේ නැත්නම්, අවුරුදු 40දිත් "හෙට ඉඳන්" කිය කිය ඉන්න වෙයි.

ඉතින් කල්පනා කරන එක නවත්තලා, වැඩේ පටන් ගන්න. දැන්ම!
ඔයාගේ හෙට වෙනස් කරන්න පුළුවන් එකම කෙනා, අද ඉන්න ඔයා විතරයි. 🔥

゚viralシ ゚

“අසාර්ථකත්වය කියන්නේ වඩාත් බුද්ධිමත්ව නැවත ආරම්භ කිරීමට ලැබෙන අවස්ථාවක් පමණයි.”මෙහි පසුබිම වන්නේ ෆෝඩ්ගේ අත්හදා බැලීම් සහ...
27/08/2026

“අසාර්ථකත්වය කියන්නේ වඩාත් බුද්ධිමත්ව නැවත ආරම්භ කිරීමට ලැබෙන අවස්ථාවක් පමණයි.”

මෙහි පසුබිම වන්නේ ෆෝඩ්ගේ අත්හදා බැලීම් සහ අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගැනීමේ දර්ශනයයි.

මෝටර් රථ ලෝකයේ විශාල සාර්ථකත්වයක් ලබන්න කලින් හෙන්රි ෆෝඩ්ටත් අසාර්ථක ව්‍යාපාර කිහිපයක් තිබුණා. මුල් කාලයේ ඔහු නිර්මාණය කළ මෝටර් රථ ව්‍යාපෘති බලාපොරොත්තු වූ ලෙස සාර්ථක නොවුණා. නමුත් ඔහු ඒවා පරාජයක් ලෙස නොගෙන, වැරදි හඳුනාගෙන ඉගෙන ගන්න අවස්ථාවක් ලෙස භාවිතා කළා.

ඒ අත්දැකීම් වලින් පසු ඔහු:
🎯 සාමාන්‍ය ජනතාවට ගැළපෙන මිලකට වාහන නිපදවීමට,
🎯 නිෂ්පාදන ක්‍රම වැඩිදියුණු කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවධානය යොමු කළා.

අවසානයේ ඔහුගේ Ford Motor Company සාර්ථක වුණේත්, කලින් ලැබුණු අත්දැකීම් වලින් ඉගෙන ගෙන නැවත වඩා හොඳින් උත්සාහ කළ නිසායි. 🌱

🇮🇳🧠 INDIA PSYCHOLOGY STUDY TOUR📍 Chennai, India📅 19–22 October 2026🏨 3 Nights / 4 DaysTake your psychology learning beyo...
26/08/2026

🇮🇳🧠 INDIA PSYCHOLOGY STUDY TOUR

📍 Chennai, India
📅 19–22 October 2026
🏨 3 Nights / 4 Days

Take your psychology learning beyond the classroom through an international academic and cultural experience.

🎓 2-Day Applied Psychology Programme

🏥 Hospital Session at TTK Hospital
T. T. Ranganathan Clinical Research Foundation
Focus: Addiction Rehabilitation

🧠 Technical Sessions at the Institute of Applied Therapeutics (IAT), Chennai

🛍️ 2 Days Leisure and Shopping

FULL PACKAGE INCLUDES:

✈️ Two-way air ticket – 30 kg + 7 kg
🛂 Indian visa
📸 Leisure trips
🚌 All transport
🍽️ All meals
🛡️ Travel insurance
🏨 3-star hotel

💰 FULL PACKAGE FEE: LKR 199,000

INSTALMENT PLAN:

• 31 August 2026 – LKR 65,000
• 15 September 2026 – LKR 66,000
• 1 October 2026 – LKR 68,000

Total: LKR 199,000

⚠️ Limited seats available!

📞 077 877 8172 / 077 707 4574

"Change will not come if we wait for some other person or some other time. We are the ones we've been waiting for. We ar...
25/08/2026

"Change will not come if we wait for some other person or some other time. We are the ones we've been waiting for. We are the CHANGE that we seek." - Barack Obama

Barack Obama වෙන කෙනෙක් එනකන් බලාගෙන හිටියේ නෑ.
"සුදුසු වෙලාව" එනකන් කල් දැම්මේ නෑ.
එයා තමයි වෙනස වුණේ.

අද අපිත් එහෙමයි.
ඔයාගේ ගෙදර වෙනස් කරන්න ඉන්නේ ඔයා.
ඔයාගේ ගම වෙනස් කරන්න ඉන්නේ ඔයා.
ඔයාගේ Company එක, ඔයාගේ Team එක, ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඉන්නේ ඔයාම විතරයි.

අද ඔයාගේ ජීවිතෙත් අර්බුදයක නම්,
ඔයාගේ හීනෙත් බිඳිලා නම්,
ඔයා වටේ ඉන්න අයත් "බෑ" කියනවා නම්...
අහන්න එපා. පටන් ගන්න.

මොකද ඔබාමා කියනවා වගේ,
"අපි බලාගෙන හිටපු කෙනා අපිමයි. අපි හොයන වෙනස අපිමයි."
වෙන කෙනෙක් නෑ. වෙන වෙලාවක් නෑ.

ඉතින් අද ඉඳන් Complaint කරන එක නවත්තමු.
Blame කරන එක නවත්තමු.
Wait කරන එක නවත්තමු.

මොකද ඔයා නැගිට්ට දවසට, තව දහයක් නැගිටිනවා.
ඔයා පටන් ගත්ත දවසට, රටම වෙනස් වෙන්න පටන් ගන්නවා.
We are the CHANGE. Let's be it. Today. 🇱🇰✊

කන්ද මුදුනේ ඉන්න මේ මනුස්සයව දැන් මුළු ලෝකෙම "The Rock" කියලා දන්නවා. Hollywood සුපිරි නළුවෙක්, Businessman කෙනෙක්, Bill...
23/08/2026

කන්ද මුදුනේ ඉන්න මේ මනුස්සයව දැන් මුළු ලෝකෙම "The Rock" කියලා දන්නවා.

Hollywood සුපිරි නළුවෙක්, Businessman කෙනෙක්, Billionaire කෙනෙක්.

හැබැයි 1995 දි Dwayne Johnson ගේ wallet එකේ තිබ්බේ ඩොලර් 7ක් විතරයි.
Wrestling career එක ඉවර වෙලා, Football dream එක කඩන් වැටිලා,
බඩගින්නේ නිදාගන්න දවස් තිබ්බා.

අද එයා කියනවා "Success isn't overnight. It's when everyday you get a little better than before. It adds up."

ඔව්. හැමදාම උදේ 4ට ඇහැරිලා gym ගියා.
හැමදාම script එකක් කියෙව්වා.
හැමදාම ඊයේට වඩා 1% හොඳ වෙන්න try කරා.
අද කන්ද මුදුනේ ඉන්නේ ඒ පොඩි පියවර දාසදහසක් එකතු වෙලා.

අපි හැමෝම අද Facebook, Instagram, TikTok බලලා හිතනවා "අනිත් අය එක පාර සාර්ථක වුනා" කියලා.

හැබැයි ඇත්තටම කාගෙවත් success story එකක් රාත්‍රියකින් ලියවෙන්නේ නෑ.

The Rock අපිට කියලා දුන්නා කාරණා 3ක්:
1. Compare කරන්න එපා: එයා 1995 දි ඩොලර් 7න් හිටියේ. ඔයා අද ඉන්න තැනින් පටන් ගන්න.
2. Excuse හදන්න එපා: බඩගින්නේ, බිඳිච්ච dream එකත් එක්ක එයා නතර වුනේ නෑ. උදේ 4ට නැගිට්ටා.
3. Consistency > Talent: දක්ෂකමට වඩා හැමදාම කරන පොඩි උත්සාහය තමයි දිනවන්නේ. "It adds up."

゚viralシ ゚

"REMEMBER that no matter how cool you think you may be, YOU’RE NOT COOL ENOUGH to look down on anyone...ever"ඔයා කෙතරම් ...
21/08/2026

"REMEMBER that no matter how cool you think you may be, YOU’RE NOT COOL ENOUGH to look down on anyone...ever"

ඔයා කෙතරම් උසස් තැනක හිටියත්, කෙතරම් සාර්ථක වුනත්, කාටවත් පහත් කොට බලන්න එපා.

හැමෝම වෙනස් සටනක් කරනවා. හැමෝටම ගෞරවය සහ කාරුණිකත්වය ලැබිය යුතුයි.

ඇත්ත "cool" කම තියෙන්නේ උදව් කරන, අත දික් කරන එකේ. 🤝

"Nothing great was ever achieved without enthusiasm."🔥Passion නැතුව, උද්යෝගය නැතුව ලොකු දෙයක් කරන්න බෑ.Enthusiasm කියන්න...
19/08/2026

"Nothing great was ever achieved without enthusiasm."🔥

Passion නැතුව, උද්යෝගය නැතුව ලොකු දෙයක් කරන්න බෑ.

Enthusiasm කියන්නේ සාර්ථකත්වයට යන පාරට එළිය දෙන ඉන්ධනය.

ඔයා කරන වැඩේට ආදරේ කරන්න. හිතින් 100% දාන්න. එතකොට ප්‍රතිඵල එනවා.

"Do not wait for leaders; do it alone, person to person.""කවුරුහරි මොකක්හරි කරයි" කියලා බලන් ඉන්න එපා.ලොකු වෙනසක් පටන් ග...
17/08/2026

"Do not wait for leaders; do it alone, person to person."

"කවුරුහරි මොකක්හරි කරයි" කියලා බලන් ඉන්න එපා.

ලොකු වෙනසක් පටන් ගන්නේ පොඩි ක්‍රියාවකින්. කෙනෙක්ගෙන් කෙනෙකුට.

ඔයාට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අදම කරන්න. ඒක තමයි ඇත්ත නායකත්වය. ❤️

Address

Udeshi City
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when ICLM-International Center for Leadership and Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share