SMART Business

SMART Business Join all entrepures with Ceylon Entrepreneurs Association

23/09/2025

You join with our Biz Connect WhatsApp group.

දිරිය කාන්තාවන් 100ක් අභිමානවත් ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීමේ විශේෂ වැඩසටහන.කිසිදු අයකිරීමකින් තොරව, දැනුම, පුහුණුව ...
30/07/2025

දිරිය කාන්තාවන් 100ක් අභිමානවත් ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීමේ විශේෂ වැඩසටහන.

කිසිදු අයකිරීමකින් තොරව, දැනුම, පුහුණුව සහ මගපෙන්වීම.
වැඩසටහන අවසානයේ තෝරාගනු ලබන හොඳම ව්‍යවසායිකාවන් හට මුලික ප්‍රාග්ධනය සඳහාද සම්පත් දායකත්වය ලබා දෙනු ලැබේ.

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම සහ ලිපිනය 0777 601 060 අංකයකට කෙටි පණිවුඩයක් (SMS) යොමු කරන්න.

ලියාපදිංචි වීමේ අවසාන දිනය 2025.08.15

*මෙම පණිවිඩය Ceylon Entrepreneurs'Club වෙතින්*බැංකු හා මූල්‍ය ආයතන විසින් ඉහළ නංවන ලද පොලී අනුපාත හේතුවෙන් ව්‍යාපාර කරගෙ...
06/08/2022

*මෙම පණිවිඩය Ceylon Entrepreneurs'Club වෙතින්*
බැංකු හා මූල්‍ය ආයතන විසින් ඉහළ නංවන ලද පොලී අනුපාත හේතුවෙන් ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව ප්‍රශ්න වලට මුහුණ දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප්‍රශ්ණ ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කර පොළී අනුපාත අඩු කර ගැනීමට හා මෙම ආර්ථික අර්බුදය නිසා ණය ගෙවීම් සඳහා අතිරේක සහන කාලයක් ඉල්ලා සිටීමට අප කටයුතු කරමින් සිටිමු. ඒ සඳහා ඔබලාගේ අදහස් හා විස්තර අප වෙත ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.මෙම කටයුත්කට ඔබගේද අදහස් ඉදිරිපත් කරන්නට පහත යොමුව (link) මගින් අපගේ Whatsaap සමූහය වෙත එක්වන්න.

WhatsApp Group Invite

31/05/2022

නිළ වශයෙන් බංකොලොත් රටක ඉදිරි කාලය!

29/05/2022

ආර්ථිකයේ කොඳු නාරටිය රැක ගත යුතුමයි.

45% ඉක්මවා රැකියා අවස්ථා ලබා දී ඇති, ජාතික නිෂ්පාදිතයට 52% ඉක්මවූ දායකත්වයක් ලබා දෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායන් බිඳ වැටුනොත් සිදූවන අර්බුදය සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.
Channa Gajanayaka ස්තුතියි!

05/03/2022

ඔබ මෙය කියවිය යුතුමයි.!

අනතුර දකිමු. ප්‍රවේශම් වෙමු.
බෝ නොවන රෝග
Noncommunicable Diseases (NCD)
බෝ නොවන රෝග වලින් සෑම වසරකම මිනිසුන් මිලියන 41 ක් මිය යන අතර එය ගෝලීය වශයෙන් සිදුවන මරණ වලින් 71% ට සමාන වේ.
සෑම වසරකම වයස අවුරුදු 30 ත් 69 ත් අතර පුද්ගලයින් මිලියන 15 කට වැඩි පිරිසක් බෝ නොවන රෝග වලින් මිය යති; මෙම 'අකල්' මරණ වලින් 85% ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදු වේ.
බෝ නොවන රෝග වලින් ඇතිවන අකල් මරණවලින් 80% ප්‍රධාන රෝග කාණ්ඩ හතරක් නිසා සිදුවේ.
-හෘද රෝග වලින් මිලියන 17.9ක්
-පිළිකා වලින් මිලියන 9.3ක්
-ශ්වසන රෝග වලින් මිලියන 4.1ක්
-දියවැඩියාව නිසා මිලියන 1.5ක් වාර්ෂිකව මිය යයි.
සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම, මත්ද්‍රවය භාවිතය, ශාරීරික අකර්මන්‍යතාවය (ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොමැතිකම) බෝ නොවන රෝග නිසා මිය යාමේ අවදානම වැඩි කරයි.
මෙය කිසිසේත්ම සැහැල්ලුවෙන් සිතා බැහැර කල හැකි දෙයක් නොවේ. වර්තමානයේ බෝ නොවන රෝග වල ව්‍යාප්තිය දෙස බැලීමේදී ඔබ අප හමුවේ ඇති මාරාන්තික අවදානම සුළු පටු එකක් නොවේ. රෝගයක් සෑදුනු පසු සුව කර ගැනීමට උත්සාහ කරනවාට වඩා රෝගයක් වැළදීමේ අවදානම අඩු කර ගනිමින් රෝගයකින් බේරී සිටීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යම දෙයකි. වර්තමානයේ අප ලබා ගන්නා ආහාර පාන, අපගේ ජීවන ශෛලීන් බොහොමයක් බෝ නොවන රෝග වලට අප ගොදුරු කරවන ඒවා වේ.
එම නිසා මාරාන්තික අවදානමෙන් මිදීමට අපගේ ජීවන රටාවන් සකස් කර ගනිමු.
1. අධික සීනි, ලුණු හා තෙල් භාවිතයෙන් වැළකෙමු
2. කෘතීම වර්ණකාරක, රසකාරක ඇතුලත් ආහාර පාන වලින් වැළකෙමු.
3. ක්ෂණික ආහාර පාන ලබා ගැනීම හැකිතාක් අවම කරමු
4. මත්ද්‍රවය වලින් දුරස් වෙමු.
5. සෑම දිනකම ව්‍යායාම් වල යෙදෙමු.
6. මානසික සුවය සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් වලට පුරුදු වෙමු (භාවනා කරමු, මල් ටිකක් වවමු, හොඳ නින්දක් ලබමු, හොඳ ගීතයක් රස විඳිමු, හොඳ නාට්‍යක් නරඹමු, කැමති ක්‍රීඩාවක නිරත වෙමු, චිත්‍රයක් අඳිමු, ස්වාභාව සෞන්දර්යය සමග වේලාවක් ගත කරමු, සමාජ මාධ්‍යයන් වල අනවශ්‍ය ලෙස සිර නොවෙමු, රැකියාව හා පුද්ගලික ජීවිතය සමබර කර ගමු, තමන් මානසිකව විඳවන දේවල් විශ්වාසවන්ත කෙනෙක් සමග බෙදාහදා ගමු, තනිව විසදා ගැනීමට නොහැකි දේවල් වලට සාමුහිකව විසඳුම් සොයමු, අවශ්‍ය අවස්ථාවල උපදේශන සේවා ලබා ගමු)
7. ශරීරයට හිතකර ගුණදායක ස්වභාවික ඔසු කෑම බීම වලට එකතු කර ගමු.
8. බෝ නොවන රෝග ලක්ෂණ, වැලකීමට අනුගමනය කළයු යුතු උපාය මාර්ග, දැනට රෝගයක් පවතී නම් එය පාලනයට හෝ සුව කර ගැනීමට කල යුතු ප්‍රතිකාර හා පවත්වාගෙන යා යුතු ජීවන රටාව පිළිබඳව දැනුවත් වෙමු, හොඳ පුරුදු වලට යොමු වෙමු.
9. ටික කාලයකට වතාවක් හැකි ආකාරයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී බෝ නොවන රෝග අවදානමක් තිබේ දැයි දැනගමු.
නීරෝගී මිනිසුන්, සතුටින් සිටින සමාජයක් හදමු.
මෙම පණිවුඩය 'රන් අස්වනු' හා 'Ceylon Greens' වෙතින්.
ඔබට හැකිතාක් මෙම පණිවුඩය ඔබේ ආදරණීයයන් වෙත බෙදාහරින්න.

Credit to the Author: https://www.facebook.com/ranaswanusl

Source: https://www.who.int/.../detail/noncommunicable-diseases

බිස්නස් කරන්න සල්ලි හොයාගන්න විදිය කතා කරන විශේෂ වැඩසටහන
02/03/2022

බිස්නස් කරන්න සල්ලි හොයාගන්න විදිය කතා කරන විශේෂ වැඩසටහන

සම්පත් බැංකුව හා Ceylon Entrepreneurs' Club විසින් පවත්වනු ලබන 'biztep' තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවේ 12 වන වැඩමුළුව.

ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සම්පාදන අවස්ථා

දිනය: 2022 මාර්තු 03
ප.ව. 7.00 සිට ප.ව. 9.00 දක්වා

Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/85985979179?pwd=aEtwTjB6RE9Ec2FXWktQRDNtaDRmUT09
Meeting ID: 859 8597 9179
Passcode: 421517

සම්පත් දායකත්වය
තුසිත නාකන්දල මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
සම්පත් බැංකුව

කුසල් නිස්සංක මහතා
මුල්‍ය හා පරිපාලන ප්‍රධානී
කොළඹ කොටස් හුවමාරුව

03/02/2022

සම්පත් බැංකුව හා Ceylon Entrepreneurs' Club විසින් පවත්වනු ලබන 'biztep' තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවේ අටවන වැඩමුළුව.

ව්‍යවසායකයන් සඳහා මෙහෙයුම් කළමනාකරණයේ මුලිකාංග

දිනය: 2022 පෙබරවාරි 03
වේලාව: ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා

YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

Zoom මගින් සම්බන්ධ වීමට
https://zoom.us/j/99654009068?pwd=b0pjSXhzTlltSTBVTnQ2cXBhS0VUQT09

Meeting ID: 996 5400 9068
Passcode: 521937

Sudath Manjula Amarasena

Address

377/2/1, High Level Road, Nawinna
Maharagama
10280

Telephone

+94772342260

Website

Alerts

Be the first to know and let us send you an email when SMART Business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SMART Business:

Share